දේශීය

මාතෘ හා ළමා සායන සඳහා AI තාක්ෂණය

මෙරට මාතෘ හා ළමා සායන සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය තීරණය කර තිබෙනවා.

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පැවසුවේ, මේ සඳහා මූලික දත්ත රැස් කිරීමේ කටයුතු ලබන මාසයේදී සිදුකරන බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,කැනේඩියානු රජයේ ප්‍රදාන යෝජනා ක්‍රමයක් සහ තවත් ආයතන කිහිපයක් යටතේ සහ ජාත්‍යන්තර මධ්‍යස්ථානය යටතේ මෙය ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් ඔහු සඳහන් කරන්නේ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් කලලයට, මවට සහ දරුවාට පසුකාලීනව ඇතිවිය හැකි සංකූලතාවයන් පිළිබඳව අනාවැකි පළ කිරීමටද වෛද්‍යවරුන්ට හැකියාව පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button