දේශීය

අග්බෝපුර දුම්රිය මාර්ගය යථාතත්වයට

කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී දුම්රියක් පිලීපැනීමෙන් හානියට පත් වූ දුම්රිය මාර්ගය තව පැය 04කින් යථාතත්වයට පත් කළහැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අනතුරට පත් වූ දුම්රිය මේවන විට පීලිගත කර අවසන් ඇති බවත් අද දහවල් වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කළ හැකිවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළා.

කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ මැදිරි 04කින් යුත් දුම්රියක් ඊයේ (07) දහවල් පීළි පැනීමක් හේතුවෙන් අනතුරට ලක්වූ වීම නිසා පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

මෙම අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button