පේරු රටින් පිටසක්වළයන් රැගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා
මෙක්සිකෝ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන අසාමාන්‍ය සිරුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙක්සිකන් මාධ්‍යවේදී ජේමී මවුසාන්ට පේරු රජයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
ජේමී මවුසාන්, මෙක්සිකෝ පාර්ලිමේන්තුව හමුවේ එම පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන සිරුරු ප්‍රදර්ශනය කරමින් කියා සිටියේ ඔහුට ඒවා 2017 වසරේදී පේරු රටින් හමුවුණු බවයි.
පේරු රජය, ජේමී මවුසාන්ට චෝදනා නගා ඇත්තේ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට ලක්වුණු එම සිරුරු පේරු රටේ සිට මෙක්සිකෝවට ගෙනයෑම සම්බන්ධයෙන්.
එය නීති විරෝධී ක්‍රියාවක් බවත්, පේරු රජය ඒ සම්බන්ධයෙන් කිසිවක් දැනනොසිටි බවත් රජය නිකුත් කළ නිවේදනයක දක්වා තිබෙන බවයි වාර්ත වන්නේ.
එම සිරුරු පේරු රටින් හමුවුණේ නම්, ඒවායේ අයිතිය ඇත්තේ පේරු රටට බවත්, ඒවා රහසින් මෙක්සිකෝවට ගෙන යෑම වරදක් බවත් මවුසාන් පැහැදිලි කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජේමී මවුසාන් කියා සිටියේ, තමන් පේරු රටේ සිට එම පොසිලකරණයට ලක්වුණු සිරුරු මෙක්සිකෝවට රැගෙන ආ හැටි හෙළි නොකරන බවයි.