දේශීය

දියගල බිහිසුණු රි​ය අනතුරක්

පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද (11) උදැසන 7.30ට පමණ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, දියගල ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබුණා.

සිදු​වූ අනතුරින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු වෑන් රථයක් එලෙස අනතුරට ලක්ව තිබුණා.

පොලීසිය පවසන්නේ, අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථය ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු පෞද්ගලික බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් වෑන් රථ රියදුරා සහ ඉදිරිපස අසුනේ සිටි තවත් අයෙකු සිර වී සිටි බවත්, බස් රථයේ ගමන් ගත් මගීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා වෑන් රථයේ දොර විවෘත කර තුවාලකරුවන් රෝහල වෙත යොමු කර තිබෙනවා.

අනතුරෙන් බස් රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්​ම ප්‍රදේශයේ පවතින වර්ෂාවත් සමග හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය ලිස්සන සුළු බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් වන ලෙස ගිනිගත්හේන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button