දේශීය

බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක්

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරඟ​යේ සිව් වැනි දිනය අදයි.

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟ​යේ දෙවැනි ඉනිමට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම අත් හිටුවා දැමුවා.

ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබාගෙන සිටියා.

ඒ අනුව මෙම තරඟ​ය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 511ක් ලබාගත යුතුයි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් වාර්තා කළා.

තරඟ​යේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 531ක් ලබාගත් අතර බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button