දේශීය

ලංකාවට ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයෙක් පත් කෙ​රේ 

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස මෙරට පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිධාරි විශ්‍රාමික නිලධාරියෙක් වන W.A චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබෙනවා. 

1973 අංක 25 දරන ක්‍රීඩා පනත සහ අංක 2382/32 දරන ගැසට්පත්‍රවල රෙගුලාසි මත මෙම පත්කිරීම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකොට තිබුණා.

චූලානන්ද පෙරේරා මහතා රාජ්‍ය ආයතන, සංස්ථා සහ මණ්ඩල ගණනාවක සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මෙන්ම අමාත්‍යාංශ ගණනාවක අතිරේක ලේකම් සහ අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කරමින් අත්දැකීම් බහුල නිලධාරියෙක්.

ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක තීරණයකින් අගතියට පත්වන අය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීම එම තනතුරේ රාජකාරිය වන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එවැනි තීරණයකින් හෝ ක්‍රියාවකින් දින 14 ක කාලයක් ඇතුළත ක්‍රීඩා ඔම්බුඩ්ස්මන් වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බවයි සඳහන්වන්නේ.

ඒ අනුව ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා අපක්ෂපාතී සමාලොචනයකින් පසුව එම ඉල්ලීම ලැබී දින 14 ක් ඇතුළත ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් හරහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කළ යුතු බව වැඩිදුරටත් සඳහන්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button