බෙදුණු තීන්දුවකින් ඩයනාගේ අසුන රැකේ

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට ආණ්ඩුක්‍රම වයවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරි පත් වීමට අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
පෙත්සම්කරු ඉල්ලා සිටින පරිදි වගඋත්තරකාර රාජ්‍ය ඇමැතිනියගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බව පෙත්සම විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ අභියාචාණාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ සාමාජික විනිසුරු ඛේමා මහත්මිය නිකුත් කළ තීන්දුව මගින් පෙන්වාදී තිබෙනවා.
වග උත්තරකාරිය මහජන නියෝජිත්වරියක වන බැවින් රටේ වගකිවයුතු ජනතාවට වගකිවයුතු වන බවට මෙන්ම තීන්දුවක් නිකුත් කරමින් එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජික විනිසුරුවරයා ලෙස කටයුතු කළ M.A. මරික්කාර් මහතා රාජ්‍ය ඇමතිනිය තවදුරටත් මන්ත්‍රීවරිනියක ලෙස කටයුතු කිරීමට සුදුසු අයෙකු නොවන බවට තීන්දු කරමින් වෙනම රීට් ආඥාවක් නිකුත් කර තිබෙන බවටයි වාර්තාවන්නේ.