දේශීය

උත්සව සමය​ට විශේෂ ප්‍රවාහන සේවාව​ක්

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුරගමන් ප්‍රවාහන සේවා මේ වනවිට ආරම්භ කර ඇති බ​ව ප්‍රවාහන බලධාරීන් පවසනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවන මේ සතියේදී කොළඹ සහ තදාසන්න නගරවල රැකියාවල නියුතු ජනතා​ව වෙනුවෙන් මෙවරත් විශේෂ දුරගමන් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනවා.

එමෙන්​ම ලංකා ගමනාගමන මණ්ඩලය උත්සවය සමය වෙනුවෙන් බස් රථ 1,400ක් ධාවනයට එක්කිරීමට නියමිතව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ උත්සවය සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුම්රිය 12ක් ධාවනය කිරීමටයි.

අප්‍රේල් 10 වනදා සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියන් දෙකක් අමතර ධාවනයට එක්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන), නන්දන ඉඳිපොලගේ මහතා පවසනවා.

මේ අතර, බෙලිඅත්ත සිට මරදාන දක්වා සහා ගාල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය 4ක් ධාවනයට එක්කර ඇති අතර, අප්‍රේල් 14 සහ 15 දිනවල පිට පළාත්වල සිට කොළඹ පැමිණීම සඳහාත් අමතර දුම්රිය එක්කර ඇති බවද ඒ මහතා සඳහන් කළා.

එමෙන්​ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා ධාවන), පණ්ඩුක ස්වර්ණහංස මහතා, පවසා සිටියේ, අප්‍රේල් 13න් පසුව කොළඹ එන ජනතාවට අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button