දේශීය
දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගැන විශේෂ නියෝගයක්

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයාව සිටි දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය නැවතත් ඔහුගේ පවුලේ ඥාතීන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා.
දේහය සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වීම හේතුවෙන් දේහය මරණකරුගේ ඥාතීන්ට භාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය, ශාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවට අද (25) නියෝග කළා.
එහිදී අධිකරණය අදාළ කමිටුවට නියෝග කර ඇත්තේ දිනේශ් ශාෆ්ටර් මහතාගේ සහෝදරයා වන රමේශ් ශාෆ්ටර් සහ මරණරුගේ මස්සිනා වන ජේම්ස් මැතිව් යන දෙදෙනා වෙත එම දේහය මුදා හරින ලෙසයි.
2022 වසරේ දෙසැම්බර් 15 වන දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැඳ දමා සිටියදී දිනේෂ් ශාෆ්ටර් මහතා සොයා ගැනුණු අතර පසුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් තිබුණා.