දේශීය

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැ​න විශේෂ දැනුම්දීමක්

රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහ​තා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ සත්ත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඊයේ (15) පැවති සාකච්ඡාවේදීයී.

එහිදී එම වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටලු රැසකට අමාත්‍යවරයා විසඳුම් ලබා දීමට එකඟත්වය පළ කර තිබෙනවා.

එමෙන්ම මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස සියලු වෘත්තිය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලිමක් කර ඇති බවද සඳහන්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වසරේ දී රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දුන් බැවින් නැවත වැටුප් වැඩිවීමක් සිදු කළ නොහැකි බවයි.

නැවතත් වැටුප් වැඩිවීමක් සිදු වුවහොත් සමස්ත රාජ්‍ය සේවයම පමණක් නොව රටේ ආර්ථිකය ද නැවතත් කඩා වැටෙන අතර තෝරාගත්පිරිසකට පමණක් වැටුප් වැඩිවීමක් ලබා දීම සිදු කළ නොහැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහ​තා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button