දේශීය

සාමාන්‍ය පෙ​ළ ලියූ සිසුන්ට විශේෂ නිවේදනයක්

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා අපොස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව උසස් පෙ​ළ පන්ති ජූනි 04 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

ඊට අදාළ චක්‍රලේඛය පළාත් අධ්‍යාපන බලධාරීන්ට යොමුකර ඇති බවත් ඒ පිළිබඳ තොරතුරු නොලැබුණු විදුහල්පතිවරුන්ට අදාළ පළාත් සහ කොට්ඨාස කාර්යාලවලින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම පාසල් සිසුන්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබා ගත හැකි බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button