විදෙස්

ජපාන අගමැතිට දුම්බෝම්බ ප්‍රහාරයක්

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ජපාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අද (15) වකයාමා ප්‍රාන්තයේ සයිකසාකි ධීවර වරායේ දී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයාට කිසිඳු හානියක් වී නොමැති බවයි.

වරායේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව දේශනයක් පැවැත්වීමට සුදානමින් සිටි අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාට මෙම දුම් බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් ජපාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button