දේශීය

මට්ටක්කුලියේ වෙඩි තැබීමක්

ඊයේ (29) රාත්‍රී කාලයේ දී මට්ටක්කුලිය පොලිස් වසමේ අලිවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා .

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි රණවක ආරච්චිලාගේ හසිත චතුරංග හෙවත් “අලිවත්තේ හසිත” නැමැති පුද්ගලයෙකු බව සඳහන්.

මත්ද්‍රව්‍ය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇතිවී තිබෙන ආරවුල් හේතුවෙන් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බවට පොලිසිය සැකකරනු ලබන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button