දේශීය

ඇමෙරිකාවේ වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ ඉලිනෝයි ජනපදයේ සිදුවුණු වෙඩි තැබීම් දෙකකින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම වෙ​ඩි තැබීම් සිදුවී ඇත්තේ, ඉලිනෝයි ජනපදයේ, චිකාගෝ නුවරට නුදුරින්, ජොලියෙට් නමැති නගරයේයි.

වෙඩි ප්‍රහාරවලට ලක් වී, මියගිය 8 දෙනා එකම පවුලේ සාමාජිකයන් බවයි වාර්තාවන්නේ.

රෝමියෝ නැන්සේ නමැති 23 හැවිරිදි කළු ජාතික තරුණයෙක් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට අනාවරණයවී ඇති අත​ර පොලිසිය මෙම තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button