දේශීය

පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා- ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 2024 වසර සඳහා වන අය වැය කතාව ඉදිරිපත් කරමින්.

ඒ අනුව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 4 ක් විශ්වවිද්‍යාල බවට පත් කිරීමට යෝජනා කරන බවත් නව විශ්ව විද්‍යා​ල හතරක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළා.

ඉදිරියේදී පළාත් සභා මගින්ද විශ්වවිද්‍යාල ඇති බව බලාපොරොත්තුවන බවත් ඊළඟ වසර දෙක තුනේදී විශ්ව විද්‍යාල ගණන දෙගුණයකින් ​හෝ තුන් ගුණයකින් වැඩිකිරීම ඔවුන්ගේ අරමුණ බවත් ඔහු ප්‍රකාශ කරනවා.

එමෙන්ම රාජ්‍ය විශ්විද්‍යාල නව යුගයකට ගැලපෙන ලෙස වෙනස් කිරීමේ වැඩපිළිවෙල පේරාදෙණිය සරසවියෙන් ආරම්භ කරන අතර දැනට මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වෘත්තීය අධ්‍යාපන ආයතන පළාත් සභා 9 යටතට පැවරීමට යෝජනා කරන බව ජනාධිපතිතුමා සඳහන් කරනවා.

මේ අතර ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කරන ලෙසත් තීන්දු තීරණ ගැනීමේ හා නියාමන බලතල ඊට ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරන බවද ඔහු ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button