දේශීය

පාසල් සිසුවියක් අඩි 16ක වළකට වැටෙයි

ගොතටුව IDH ජලාපවහන මණ්ඩලය අසල ජල නලයක් පුපුරා යාමෙන් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් අද (19) උදෑසන වතුර වළකට වැටී අනතුරකට ලක්ව තිබෙනවා.

අඩි 16ක් පමණ ගැඹුරු වළකට ඔවුන් වැටී ඇති අතර, මේ වනවිට පියා සහ දියණිය ඉන් ගොඩට පැමිණ ඇතැයි වාර්තා වනවා.

යතුරුපැදියකින් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් එලෙස වළට ඇදවැටී අනතුර සිදුව තිබුණා.

පසුව පියා විසින් දියණිය එම වළෙන් ගොඩට ගෙනැවිත් තිබෙන අතර, ජල නලය පුපුරායාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවා ඇතිබව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button