දේශීය

ගංවතුරේ ගිලී පාසල් සිසුවෙක් මරුට

බද්දේගම පොලිස් වසමේ ඇටවරමුල්ල ප්‍රදේශයේ දී පිරිමි දරුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, දරුවෙක් දියේ ගිලී ඇති බවට බද්දේගම පොලීසියට ලද පණිවුඩයක් මත පොලිස් නිලධාරීන්, ජීවිතාරක්ෂක නිලධාරීන් හා නාවික හමුදා භට පිරිස් එක්ව අනතුරට පත් දරුවා ගොඩට ගෙන බද්දේගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙන බවයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 17ක් වූ ගනේගම බටහිර, බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගිං ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර මත ටියුබයක ආධාරයෙන් මිතුරන් සමග විනෝද වෙමින් සිටිය දී ටියුබය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පසුව අනාවරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button