දේශීය
ක්‍රිකට් ක්‍රීඩකයින් ආබාධයට ලක්වීම ගැන දයාසිරිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබාදී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ආබාධවලට ලක්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (14) කෝප් කමිටුවේදී හෙළි කර තිබෙනවා.
ඒ මහතා මෙම හෙළිදරව්ව සිදුකළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ එම වෛද්‍යවරයා ලබාදුන් එන්නත් හේතුවෙන් ක්‍රීඩකයින්ගේ පාදවල විවිධ ආබාධ මතුවී ඇති බවයි.
එම වෛද්‍යවරයා වෘත්තීමය ක්‍රීඩා වෛද්‍යවරයෙක් නොවන බවද එහිදී දයාසිරි ජයසේකර මහතා හෙළිදරව් කළා.
’වන් ෂොට්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එම වෛද්‍යවරයා වේදනා නාශක ලබාදීම හරහා ක්‍රීඩකයින්ට දීර්ඝකාලීන රෝගාබාධ මතුවීමට ප්‍රධාන හේතුවක්වී ඇති බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් එහිදී කරනවා.