දේශීය

පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවීම ගැන හෙළිදරව්වක්

අධිකරණය මඟින් පාස්කු වින්දිතයින්ට ගෙවීමට නියම කළ මිලියන 311ක මුදලින් රුපියල් මිලියන 36,825,000ක මුදලක් හානිපූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

අද (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියෝග කළ රුපියල් මිලියන 100න් රුපියල් මිලියන 15ක මුදලක් තැන්පත් කර ඇති බවයි.

මීට අමතරව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට අධිකරණය මඟින් ගෙවීමට නියම කළ රුපියල් මිලියන 75න් රුපියල් මිලියන 1,725,588ක්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ගෙවීමට නියෝග කළ රුපියල් මිලියන 50න් රුපියල් මිලියන 5ක්, නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 75න් රුපියල් මිලියන 4.1ක මුදලක්, පොලිස් නිලධාරී සිසිර මෙන්ඩිස් මහතාට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 10ම ගෙවා ඇති අතර රජයට ගෙවීමට නියම කළ රුපියල් මිලියනය මේ වනවිට තැන්පත් කර ඇති බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button