බණ්ඩාරගම සුරාසැලක් විවෘත කිරීමට එරෙහිව විරෝධයක්

සුරාසැලක් නොතිබුණු බණ්ඩාරගම ප්‍රදේශයේ අලුතින් සුරාසැලක් විවෘත කිරීමේ සූදානමකට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේද දැඩි විරෝධය පලකර තිබෙනවා.
බණ්ඩාරගම විහාරාධිපති හා විහාරාධිකාරි සංගමයේ ලේකම් ආචාර්ය තල්ගම්පල පදුම හිමියන් පවසන්නේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත මෙම ප්‍රදේශයේ සුරාසැලක් ස්ථාපිත කිරීමට යන අතර ඒ වෙනුවෙන් කටයුතු මේ දිනවල යුහුසුලුව සිදුවෙමින් පවතින බවත් මෙම උත්සාහයට එරෙහිව දැඩි සමාජ විරෝධයක් මතුව තිබෙන බවයි.
උන්වහන්සේ එලෙස ප්‍රකාශ කළේ බණ්ඩාරගම ශ්‍රී ධර්මාලෝක විහාරයේදී පැවති සාකච්ඡාවකදී.
එම සාකච්ඡාවේදී ඒකමතිකව තීරණයවී තිබුණේ මෙම උත්සාහය නතර කිරීම සඳහා විරෝධය පලකිරීමයි..
ප්‍රදේශයේ සුරාසැල් විවෘත කිරීමේ උත්සාහය වැළැක්වීම වෙනුවෙන් ගිහි පැවිදි බෞද්ධ හා අබෞද්ධ පිරිස් මෙන්ම පක්ෂ පාට බේද නොසලකා හරිමින් දේශපාලකයන්ද ඒකරාශීවී සිටින බවද උන්වහන්සේ සඳහන් කළා.
කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසන්නයේ සුරාසැල් නොමැතිවීමට හේතුව ඉංග්‍රීසි පාලන සමයේදී මෙම ප්‍රදේශයේ සුරාසැල් කිරීමේ උත්සාහය පරාජය කළ ඡන්ද විමසුම සහ 1944 වසරේදී සුරාමතින් පුද්ගලයන් 20 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් දුන් නඩු තීන්දුව අනුව බව සඳහන්වනවා.