උසස් පෙළ විභාගය කල් දැමීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී විජේරත්න මහත්මිය උසස් පෙළ සිසුන්ගේ කාලසටහන යාවත්කාලීන කරන ලෙස අද (19) පාර්ලිමේන්තු විවාදයේදී යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
දරුවන්ගේ අයිතිවාසිකම් නැති කිරීම වැරදි දෙයක් බවත් උතුරු නැඟෙනහිර ඇතුලු අනෙකුත් දුෂ්කර පළාත්වල පාසල්වල විෂය නිර්දේශය තවමත් ආවරණයවී නැති බවත් ඇය සඳහන් කරනු ලබනවා.
එමෙන්ම, ශිෂ්‍යයින්ට වසර දෙකහමාරක් හිමි උසස් පෙළ පන්තිය 2023 පළමුවැනි වාරයට යන දරුවන්ටත් අහිමි වන බව ඇය සඳහන් කළා.
මන්ත්‍රීවරිය අවධාරණය කරන්නේ, නොවැම්බර් මාසයේ විභාගය තිබෙන බව ගුරුවරුන්ට බල කළ විට ගුරුවරු ඒ විෂය නිර්දේශය කෙටි කලකින් වේගයෙන් අවසන් කරන විට පළමු වෙනි වර විභාගයට ලියන දරුවන්ට සිදු වන්නේ පාඩුවක් බවයි.
එමෙන්ම ඇය පවසන්නේ, දෙවැනි වර උසස් පෙළ ලියන දරුවන්ටත් පාඩුවක් සිදු වෙන බවත්, හොඳ ප්‍රතිඵල බලාගෙන සිටින දරුවන් එම බලාපොරොත්තු සුන් වූ විට දෙවැනි වර ලියන්නට කාලයක් ඕනෑ බවයි.
ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, උසස් පෙළ විභාගය ජනවාරි මස 22 දින ආරම්භ කර, පෙබරවාරි 17 වන දා අවසන් කරන ලෙසත්, එවිට නව පාසල් වාරය පෙබරවාරි 19 ආරම්භ කරන්නට හැකි වන බවත් ලබන වසරේ සිට අ.පොස. උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස පවත්වන බවයි.
මේ අතර ලබන නොවැම්බර් 27 වනදා ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විභාග කොමසාරිස්වරයාට බලය පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, 2022 උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වී නිකුත් කිරීම හේතුවෙන් 2023 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අසාධාරණයක් සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.