දේශීය

පිහි ඇනුමකින් පුද්ගලයෙ​ක් මරුට

ගාල්ල ඩිඩිස්වත්ත ප්‍රදේශයේදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙ​ස ඝාතනය කර ඇත්තේ ඩිඩිස්වත්ත පදිංචි 35 හැවිරිදි ත්‍රි රෝද රථ රියදුරෙක්.

මියගිය පුද්ගල​යා අසල්වැසි නිවසක පදිංචි අයෙක් සමග ති​බූ පැරණි අමනාපයක් මත ඔහුගේ නිවස ඉදිරිපිටට ගොස් ආරවුල් කරමින් සිටියදී නිවෙස් හිමි සැකකරු විසින් පිහියෙන් ඇන ඇති බව පොලීසිය සඳහන් කළා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, පසු​ව තුවලකරු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button