දේශීය
හෙට වැසෙන පාසල් ගැන දැනුම්දීමක්

රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට (07) නිවිතිගල කලාපයේ පහත සඳහන් කොට්ඨාශවල රජයේ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබෙනවා.
ඒ අනුව නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාශවලට අයත් සියලුම පාසල් හෙට දිනයේ නොපැවැත්වෙනු ඇති.
එම ප්‍රදේශවල තවදුරටත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
එහිදී දැනුම්දී තිබෙන්නේ, ඉදිරියේදී ඇතිවන කාලගුණ තත්ත්වය මත පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ලබාදීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරනු ලබන බවයි.
සෙසු සියලුම කලාප සහ කොට්ඨාසවල සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට තීරණය කර ඇති බවද සබරගමුව පළාත් සභාව දැනුම්දෙනු ලබනවා.