X-Press Pearl නඩුව ගැන දැනුම්දීමක්

X-Press Pearl නෞකාව අයත් සමාගමෙන් වන්දි ඉල්ලා ලක් රජය පැවරූ නඩුව නිශ්ප්‍රභ කරන්නැයි නැව් සමාගමේ රක්ෂණ නියෝජිතයින් කළ ඉල්ලීමක් සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
රක්ෂණ නියෝජිතයින් අධිකරණය හමුවේ පවසා ඇත්තේ, ලන්ඩන් අධිකරණය මගින් නැවෙන්වූ හානියට වන්දි සීමාවක් පනවා ඇති බැවින් එම නඩුව ප්‍රතික්ෂේප කරන ලෙසයි.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය නඩුව සඳහා විරෝධතා ගොනු කරන ලෙස රක්ෂණ සමාගම්වලට නියෝග කර තිබෙනවා.
ඒ සඳහා සිංගප්පූරු වාණිජ මහාධිකරණය රක්ෂණ සමාගම් වෙත මාර්තු 24 වැනිදා දක්වා කල් ලබා දුන් අතර නඩුව යළිත් ජූලි පළමු වැනිදා කැඳවීමට නියමිතයි.
මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ නිතිපතිවරයා ගොනු කළ විරෝධතා සඳහා නැව් සමාගමේ රක්ෂණ නියෝජිතයින්ට ප්‍රතිවිරෝධතා ගොනු කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, මැයි 24 වැනිදා දක්වා රක්ෂණ නියෝජිතයින්ට කල් ලබාදී ඇති බවයි.
බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය නෞකාව අයත් සමාගමෙන් ලක් රජයට ලබා ගත හැකි වන්දිය ස්ටර්ලිං පවුම් මිලියන 19.5 කට සීමා කරමින් නියෝගයක් නිකුත් කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊට එරෙහිව ලක් රජය විරෝධතා ගොනු කළේ ජනවාරි 29 වැනිදායි.