දේශීය

කාන්තාවන් වෙනුවෙන් න​ව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වත්මන් පනත සංශෝධනය කර, නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා.

ඇය සඳහන් කළේ, මේ වන විටත් ගැසට් කර තිබෙන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු ජාතික කාන්තා කොමිසම පිහිටුවීමට අවස්ථාව හිමි වන බවයි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් දැක්වූ අදහස්,

“මේ වනවිට අපි කාන්තාව සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත ගැසට් කරලා, කැබිනට් එකට ඉදිරිපත් කරලා, සියල්ලම තියෙනවා. නමුත් ඒ අතර, නැවත සංශෝධනයකට යෑමට සිද්ධවෙලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීනි සංසදය විසින් තව අලුත් යෝජනාවක් සහ තියෙන දේවල් වෙනස් කිරීම්වලට භාජනය කරලා තියෙන නිසා. මොකද මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වීම තුළින් මං හිතන්නේ විශේෂයෙන්ම කාන්තා කොමිෂන් සභාව පිහිටුවීමට ප්‍රතිපාදන අපිට තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button