විදෙස්

සමාජ අපකීර්තියට බියෙන් ඉපදුණු ගමන් හදා ගැනීමට දුන් දරුවකු සොයා මවක් විරෝධතාවයේ

අතුරුදන් වූ සිය දරුවා සොයා ගැනීම වෙනුවෙන් සටන් කළ ඉන්දීය මවකට අවසානයේ මාස 13 කට පසු තම දරුවා සමඟ නැවත එක් වීමට අවස්ථාව හිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අතුරුදන් වූ දරුවා නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් මව සහ දරුවාගේ පියා මීට සති දෙකකට පමණ පෙර දකුණු කේරළ ප්‍රාන්තයේ අනත්දරු ආයතනයක් ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළ අතර මෙය ඉන්දීය දේශපාලනය තුළ කැළඹීමක් ඇති කරනු ලැබුවා.

තමාගේ අනුමැතියකින් තොරව තම පවුලේ අය දරුවා හදාවඩා ගැනීම සඳහා ලබා දී ඇති බව සඳහන් කරමින් ඇය විරෝධයේ නිරත වුණු අතර අනත්දරු ආයතනය ඉදිරිපිට “මට මගේ දරුවා දෙන්න” යනුවෙන් සටහන් කළ පුවරුවක් ප්‍රදර්ශනය ප්‍රදර්ශනය කරමින් සති දෙකකට ආසන්න කාලයක් එම ස්ථානයේ රැඳී සිට තිබෙනවා.

ඇය නමින් අනුපමා එස් චන්ද්‍රන් නම් 22 හැවිරිදි කාන්තාවකි.

පසුගිය වසරේ ඔක්තෝබර් 19 වෙනි දින ඇය කිලෝග්‍රෑම් 2 ක් පමණ බරැති පිරිමි දරුවකුට උපත ලබාදී තිබුණා.

ඇය රෝහලක මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස කටයුතු කර තිබෙනවා.

එහිදී ඇයට විවාහකයකු වන 34 හැවිරිදි අජිත් කුමාර් නම් තැනැත්තෙකු සමඟ විවාහයෙන් පිටත දරුවකු ලැබීම පිළිබඳ සමාජ අපකීර්තියට මුහුණ දීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

අවිවාහක තත්ත්වයකදී දරුවෙකු ලැබීම ඉන්දියාවේ පිළිකුල් සහගත දෙයක් වනවා.

දරුවාගේ පියා ඉන්දියාවේ පවතින දැඩි කුල ධූරාවලියේ පහළම කුලයක වන දාලිත් කුලයට අයත් වීමත් මව ඉහළ කුලයකට අයත් වීමත් නිසා ඔවුන්ගේ සබඳතාවට දැඩි බාධා එල්ල වී ඇති බව ද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button