දේශීය

ගැහැනු වෙස්ගත් පිරිමියෙක් කප්පම් ගද්දි මාට්ටු

රූමත් තරුණියකගේ අඩනිරුවත් ඡායාරූප Facebook හරහා මුදාහරිමින් පෞද්ගලික ආයතනයක උසස් නිලධාරියෙක් රවටා ඔහුගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ලබාගැනීමට තැත් කළ තිදෙනෙකු කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ප්‍රධාන සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.

එම සැකකරු පළමුවෙන්ම රූමත් තරුණියකගේ ඡායාරූප අදාළ නිලධාරීවරයාට යවා ඔහු සමග සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇති අතර බවට අදාළ නිලධාරියාගේ ද අඩනිරුවත් ඡායාරූප ඔහු වෙත ගෙන්වාගෙන තිබෙනවා.

තමන්ව මුණගැසීමට යම් කිසි ස්ථානයකට පැමිණෙන ලෙසට සැකකරු පවසා ඇති අතර අදාළ නිලධාරිය ද ඔහු පැවසු පරිදි එම ස්ථානයට පැමිණ තිබෙන බව සඳහන්.

එහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඔහුගේ අඩනිරුවත් ඡායාරූප බිරිඳටත් පවුලේ පිරිසට සහ සමාජ මාධ්‍යට මුදා හරින බවට පවසා නිලධාරියාගෙන් එම අවස්ථාවේදී රුපියල් 50,000ක මුදලක් ලබාගෙන තිබෙනවා.

පසුව නැවතත් ඇමතුමක් ලබා දෙමින් සැකකරු තර්ජනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දෙන ලෙසටයි.

ඉන්පසුව නිලධාරීවරයා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබූ අතර අනතුරුව පොලීසිය පැවසු පරිදි සැකකරුට මුදලින් ලක්ෂ 10ක් ලබා දෙන බවට පොරොන්දු වී ඔහුට මුදල් ලබා ගැනීමට පැමිණෙන ලෙසට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මුදල් ලබා ගැනීමට පැමිණි සැකකරුන්ව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button