දේශීය
නුවරඑළිය හෝටලයක කළමනාකරුවෙක් 5 වෙනි මහලෙන් ඇදවැටී ජීවිතක්ෂයට

නුවරඑළිය නගරයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් වන Green Araliya හෝටලයේ කළමණාකරුවෙකු 5 වන මහලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරු පියෙක් වන මොහු ඊයේ (28) රාත්‍රියේ මෙලෙස හෝටලයෙන් ඇඳවැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.
එම හෝටලයේ කාර්ය මණ්ඩලය ඊයේ (28) එහි සාදයක් පවත්වා ඇති අතර එම සාදයෙන් අනතුරුව හෝටල් සේවකයින් විසින් කළමණාකරුව ඔහුගේ කාමරය වෙත ඇරලවා තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ කළමණාකරුගේ දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති බව පොලීසිය සදහන් කරනවා.