මොහොමඩ් සිරාජ්ගෙන් ක්‍රීඩාංගණයේ බිම් සේවකයන්ට ත්‍යාගයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා බවට පත්වූ ඉන්දියාවේ වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් තමන්ට ලැබුණු අමෙරිකානු ඩොලර් 5,000ක හෙවත් රුපියල් ලක්ෂ 1,600,000ක ත්‍යාග මුදල ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලයට ප්‍රදානය කළා.
ශ්‍රී ලංකාව සමග පැවති අවසන් තරගයේදී ඉන්දියාවට කඩුලු 10ක විශිෂ්ට ජයක් හිමිවූ අතර, සුපිරි පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සිරාජ් ලකුණු 21කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණා.
මේ අතර, 2023 ආසියානු ක්‍රිකට් තරගාවලියේ කොළඹ සහ මහනුවරදී පැවති තරගවලට වර්ෂාවෙන් සිදුවූ බාධාවන් වැළැක්වීම සඳහා සහාය දැක්වූ ක්‍රීඩාංගණ කාර්යමණ්ඩලය සහ බිම් සේවකයන් සඳහා ත්‍යාගය මුදල් ලබාදීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණා.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ට්විටර් පණිවුඩයක් තබමින් පවසා ඇත්තේ ක්‍රීඩාංගණ බිම් සේවකයන් සඳහා ත්‍යාගයක් ලෙස අමෙරිකානු ඩොලර් 50,000 හෙවත් රුපියල් ලක්ෂ 16,000,000 මුදලක් ලබා දීමට තීරණය කළ බවයි.
ඔවුන්ගේ නොසැලෙන කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩකිරීම, මෙවර ආසියානු කුසලානය තරගාවලියේ අමතක නොවන මතකයන් බවට පත්වන බවද ඒ මහතා සිය X සටහනේ සඳහන් කර තිබෙනවා.