පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගන්න තිළිණපතක්

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ශිෂ්‍ය සුබසාධන වැඩසටහන යටතේ පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම වෙනුවෙන් නොමිලේ තිළිණපත් ලබාදීම අද (06) ආරම්භ කළා.
එහි සමාරම්භක වැඩසටහන නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී පැවත්වුණා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියනයක් ආයෝජනය කර ඇති බවයි.
එක් සිසුවියකට කොටස් දෙකක් යටතේ රුපියල් 1,200 ක් වටිනා තිළිණපතක් සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා ලබාදෙන අතර, වලංගු කාලසීමාව තුළ එම තිළිණපත් භාවිත කළ යුතු බව එම අමාත්‍යාංශය පවසනවා.
පාසල් තුළ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන දරුවන්ගේ පෞරුෂ වර්ධනයට හා සෞඛ්‍යවත් යහ පැවැත්මට ඉහවහල් වන පහසුකම් ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සනීපාරක්ෂක වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.
ඒ අනුව එක් සිසුවියකට රු.1200.00ක් වටිනා තිළිණපතක් ලබා දෙනු ලබන අතර එම තිළිණපත පාසල් හරහා සිසුවියන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබෙනවා.
මෙම තිළිණපත භාවිත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මගින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකියි.