දේශීය
ධීවරයකු මුහුදට වැටී අතුරුදන්

බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයෙක් අද (14) ඔහු ගමන්ගත් යාතාවෙන් මුහුදට වැටී අතුරුදන්වී ඇති බව වාර්තාවනවා.
අදාළ ධීවර යාත්‍රාව මුහුදු සැතපුම් පහක් පමණ දුරක යාත්‍රා කරමින් තිබෙන විට එම ධීවරයා මුහුදට වැටී තිබෙන බවයි සඳහන්වන්නේ.
ඒ බව එම ධීවර යාත්‍රාවේ නියමුවා, එම ධීවර යාත්‍රාව හිමිකරු වෙත දැනුම්දී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම යාත්‍රාවේ හිමිකරු හා අතුරුදන් පුද්ගලයාගේ පවුලේ ඥාතීන් බේරුවල නාවික හමුදා මධ්‍යස්ථානය හා බේරුවල පොලීසිය දැනුවත් කර තිබෙන බව සඳහන්.