අනධ්‍යයන සේවක දීමනා ගැටලුවට තීරණයක් මේ සතියේ
අනධ්‍යයන සේවකයන්ගේ දීමනා සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බදු මුදල් ප්‍රමාණය සලකා බලා එම තීරණය ගන්නා බවයි.
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ දීමනා ලබාදීමට වාර්ෂිකව රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් වැය වන බව ගණන් බලා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
මේ අතර, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද 15 වැනි දිනටත් ක්‍රියාත්මක වෙනවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ, ඊයේ (15) දිනයේ සිට වැඩවර්ජනය දැඩි කිරීමට කටයුතු කළ බවයි.
අනධ්‍යන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යන සේවකයින්ගේ මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණා.