දේශීය

වැඩිහි​ටි දීමනාව ලබාදීම ගැන තීරණයක්

තාක්ෂණික ගැටලු හේතුවෙන් ගෙවිම ප්‍රමාදවූ වැඩිහිටි දීමනාව මේ මස දෙවන සතියෙන් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය පැවසුවේ , 2024 මැයි මාසයේදී මෙම දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 1518කට වැඩි මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිකුත් කර ඇති බවයි.

ජුනි මාසයට අදාළ දීමනාව ද මේ මාසයේම ගෙවීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා.

අස්වැසුම ගෙවීම් පද්ධතිය යටතේ අදාළ බැංකු ගිණුමටම ඉදිරියේදී වැඩිහිටි දීමනාව බැර කිරීමටද කටයුතු සුදානම් කර තිබෙනවා.  

අස්වැසුම දැනටමත් ලැබෙන පවුල්වල සිටින අවුරුදු 70ට වැඩි සියලුදෙනාට වැඩිහිටි දීමනාව හිමියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button