ලංකා හොස්පිටල් අයිතිය ගැන තීරණයක්

හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ලංකා හොස්පිටල්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස්කරුවා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් විසින් සිය කොටස් හිමිකාරීත්වය මහා භාණ්ඩාගාරය වෙත පැවරීමට තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.
මේ සම්බන්ධයෙන් ලංකා හොස්පිටල්ස් සමාගම පවසන්නේ අදාළ තීරණය පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් තමන් වෙත දැනුම් දීමක් සිදුකර ඇති බවයි.
මෙම කොටස් පැවරීම සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ලංකා හොස්පිටල්ස් සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන්, කොටස් 58,781,308 ක් හෙවත් 26.27% ක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි ජීවිත රක්ෂණ අරමුදල (Life Fund) සතුවද, කොටස් 56,080,643 ක් හෙවත් 25.07% ක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි සාමාන්‍ය රක්ෂණ අරමුදල (General Fund) සතුව ද පවතී.
මේ අනුව ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34%කට හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් විසින්.