දේශීය
ජලාශයක තිබී තරුණියකගේ මළ සිරුරක් සොයා ගැනේ
රාගල පොලිස් වසමේ ඩෙල්මාර් වත්ත උඩ කොටස ප්‍රදේශයේ කුඩා ජලාශයක තිබී සැකකටයුතු ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, රාගල පොලීසියට ලද තොරතුරක් මත එම සිරුර සොයාගත් බවයි.
එලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි නානුඔය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
ඇය පසුගිය මාර්තු 30 වනදා කිසිවෙකුටත් නොදන්වා නිවසින් පිටව ගොස් ඇති අතර, ඒ පිළිබඳ සොයා බලන අතරතුර මෙම සිරුර හමුව තිබෙනවා.
මෘත ශරීරය නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති අතර, රාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.