දේශීය

“තිලීපන්”සැමරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

මරදාන, කොටුව, කොම්පඤ්ඤවීදිය ඇතුළු ප්‍රදේශවල “තිලීපන්” සැමරුම් උත්සව පැවැත්වීම සහ අදාළ පාර්ශ්වයන්ට ස්ථාන කිහිපයකට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

යාපනය, නල්ලූර් කෝවිල අසළ මාරාන්තික උපවාසයක නිරතව සිටියදී මිය ගිය තිලීපන් නමැත්තාගේ 32 වැනි අනුස්මරණ වැඩසටහන යාපනය නල්ලූර්හිදී  ඊයේ  (19) පැවැත්වුණා.

මේ සඳහා සහභාගි වී සිටි පිරිස අතර යාපනය නගරාධිපති එමානුවෙල් අර්නෝඞ් ද කැපී පෙණුනා.

මෙම අනුස්මරණ වැඩසටහනේදී මියගිය තිලීපන් දමිළ ජනතාවගේ වීරයකු ලෙසට හා ඔහු දමිළ ජනතාවගේ අයීතීන් වෙනුවෙන් දිවි පිදුවෙකු වශයෙන් සලකා පිං අනුමෝදන් කිරීමක්ද මෙහිදී සිදු කෙරුණ අතර මේ සඳහා විශාල පිරිසක් ද සහභාගි වී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button