විදෙස්

රජිව් ගාන්ධි ඝාතන​යේ වැරදිකරුවෙක් එංගලන්තයට යන්න අවස්ථාව ඉල්ලයි

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙක්වී සිරගතව සිට 2022දී නිදහස ලැබූ V. ශ්‍රී හරන් නොහොත් මුරුගන්, තමාට එංගලන්තයට යාමට අවශ්‍ය ගුවන් ගමන් ලේඛන ලබාගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා මදුරාසි මහාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එහිදී ඔහු අවසර ඉල්ලා ඇත්තේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලේට් කාර්යාලයට ගොස් තම ගුවන් ගමන් ලේඛන සාදා ගැනීමට සහ එංගලන්තයට යෑම සඳහා වීසා ලබාගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට අවසර දෙන ලෙසයි.

එංගලන්තයට ගොස් එහි සරණාගත භාවය සඳහා ඉල්ලුම් කිරීම ඔහුගේ අරමුණ වන බවයි වාර්තාවන්නේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙක්වී පසුව නිදහස ලැබූ, මුරුගන් ගේ බිරිඳ වන S. නාලිනී විසින් මෙම පෙත්සම ගොනුකර ඇති බවයි.   

රජීව් ගාන්ධි ඝාතනයේ සැකකාරියක් ලෙස නාලිනීව 1991 ජුනි 14 වනදා අත්අඩංගුවට ගන්නා විට ඇය දෙමස් ගැබිනියකවී සිටි අතර ඇය ඔවුන්ගේ මෙහාරා න​ම් දියණිය බිහිකළේ සිර ගතව සිටියදීයි.

2006 වසරේදී මෙහාරා එංගන්තයට ගොස් එහි සිටි සිය පියාගේ පවුලේ අය හා එක්වුණු අතර ඇය වෛද්‍ය භෞතික විද්‍යාව පිළිබඳ උපාධිය හදාරා මේ වනවිට එරට රැකියාවක යෙදෙන බව වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button