දේශීය

චීන සමාගමක් ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට සූදානමෙන්

චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන SINOPEC සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වනවා.

Belt & Road Lanka (Private) Limited විසින් ට්විටර් සටහනක් තබමින් මේ බව පවසා තිබෙනවා.

ජාත්‍යන්තර යාත්‍රා 10,000කට අධික ප්‍රමාණයකට ඉන්ධන සපයන චීනයේ විශාලතම පෙට්‍රෝලියම් සමාගම වන SINOPEC, හම්බන්තොට වරායට පැමිණ, ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළට ඇතුළු වීමට ලංසු ඉදිරිපත් කර ඇති බව එම ට්විටර් සටහනේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button