දේශීය
මහල් නිවාසයකින් ඇද වැටී දරුවකු රෝහල් ගත කෙරේ

බොරැල්ල පොලිස් වසමේ, සර්පන්ටයින් මහල් නිවාසයේ තුන්වන මහලෙන් බිමට වැටී දරුවෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (13) පස්වරුවේ එම අනතුර සිදුව ඇති බවයි.
එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 16ක්වූ මැගසින් පාර, බොරැල්ල යන ලිපිනයේ පදිංචිව සිටි දරුවෙක්.
තුවාල ලැබූ දරුවාගේ මව දරුවා නිවසේ නොමැති බව දැන ගැනීමෙන් අනතුරුව ඔහුව සොයා ඇති බවයි වාර්තාවන්නේ.
පසුව ඔහු නිතර යන එන තැනක් වන බැවින් අදාළ මහල් නිවසේ තුන්වන මහලේ පිහිටි නිවස වෙත ගොස් කතා කිරීමේ නිවස තුළ සිටි දරුවා කලබලයට පත්ව පිටුපස ජනේලයෙන් පිටතට පැමිණ බිත්තියේ තිබෙන ග්‍රිල් ආධාරයෙන් බිමට බැසීමට උත්සාහ දරා තිබෙනවා.
එම අවස්ථාවේදී දරුවා අනතුරට ලක්ව ඇති අතර, පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන්වන්නේ.
මේ වනවිට දරුවා හදිසි ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.