විදෙස්
බටහිර රුසියාවේ පාලමක් කඩා වැටේ
බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම අනතුරෙන් කාන්තාවක් මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුද තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම නළ මාර්ගවලටට සිදුවූ හානි හේතුවෙන් නිවාස 8,000කට පමණ ගෑස් සැපයුමට බාධා එල්ලවී ඇති බවයි වාර්තාවන්නේ.
අදාළ පාලම බොහෝ කලක් තිස්සේ නඩත්තු නොකිරීම කඩා වැටීමට හේතුවී ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.