ගුරුවරු 5500ක් අලුතින් බඳවා ගැනීමට තිරණයක්

තෝරාගත් විෂයන් කිහිපයක් සඳහා ගුරුවරු 5,500ක් අලුතින් බඳවා ගැනීමට මේ වනවිට ගැසට් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින්.
රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා සඳහා එම ගුරු පත්වීම් ලබාදීමට නියමිතව ඇති බව වාර්තා වුණා.
මේ අතර 22,000ක් උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මාස 9ක් පුරා පෙත්සම් විභාගය පවත්වා අවසන් බවත් එහි තීන්දුව ලබන සතියේ ලබාදෙනු ඇති බවට තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසුවා.
නමුත් ඒ පිරිස මේ වනවිටත් පාසල්වල සිටින බැවින් ගුරු පුරප්පාඩු ලෙස පවතින 40,000ක ප්‍රමාණයෙන් අදාළ පිරිස ඉවත් කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළා.
ඊට අමතරව ගුරු පත්වීම් 13,500ක් ලබාදීමට පළාත් සභා සියල්ල මේ වනවිට කටයුතු සිදුකර ඇතත් ඒ සම්බන්ධයෙන් පවතින අධිකරණමය කටයුත්ත හේතුවෙන් එයද ප්‍රමාද වී ඇති බව පැවසු අමාත්‍යවරයා අද දිනය තුළ ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලැබෙනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.