දේශීය

වැලිගම නිවසක් ගිනි ගැනීමෙන් 8 හැවිරිදි දැරියක් මරුට

වැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ (30) රාත්‍රී කාලයේ ඇතිවූ ගින්නකින් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසේ ඇතිවූ ගින්නෙන් පිලිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 08 හැවිරිදි දැරියක්.

අදාළ නිවසෙහි කාමරයක් තුළ ඇතිවූ ගිනි ගැනීමක් හේතුවෙන් එහි වහලය පිළිස්සී නිවස තුළට කඩා වැටී තිබෙනවා.

පොලීසිය පවසන්නේ එම අවස්ථාවේ නිවසේ කාමරයක් තුළ නිදා සිටි දැරිය ගින්නට හසුවී පිළිස්සී ඇති බවයි.

දැරියගේ මිත්තණිය සහ වයස අවුරුදු 13ක් සහෝදරිය අසල කාමරයක නිදා සිට ඇති අතර, ඔවුන් නිවසින් එළියට දිවගොස් දිවි බේරාගෙන තිබෙනවා.

සිද්ධිය සැලවූ වහාම වැලිගම පොලීසිය විසින් මාතර ගිනි නිවීමේ රථ ගෙන්වා ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ, එම නිවසේ තිබු ගෑස් සිලින්ඩරයට, ගෑස් උඳුනට හෝ වෙනත් උපාංගවලට කිසිදු හානියක් සිදුව නොමැති බවයි.

ඒ අනුව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී ගින්න ගෑස් ආශ්‍රිත සිදුවීමක් හේතුවෙන් හට ගත්තක් බව අනාවරණය වී නැතැයි පොලීසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button