විදෙස්

ජර්මනියේ පිහි ඇනුමකි​න් 6කට තුවාල

නිරිතදිග ජර්මනියේ මැන්හයිම් නගරයේ වෙළෙඳපොළ චතුරශ්‍රයකදී පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකු ඇතුළු හය දෙනෙකුට පිහියකින් පහර දී තුවාල සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්​තා කළේ තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරිකයෙකු වන මයිකල් ස්ටර්සන්බර්ග් වන බවත් ඔහු චතුරශ්‍රයේ රැලියක් පැවැත්වීමට සූදානම්ව සිට ඇති බවයි.

මෙම සිදුවීම යූ ටියුබ් නාලිකාවක සජීවීව විකාශය වී ඇති අතර ප්‍රහාරකයා පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඇති අතර පසුව උදව් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට ද ප්‍රහාරයක් එල්ල කර තිබෙන​වා.

එම අවස්තාවේදී ප්‍රහාරකයාට තවත් පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක​ළා.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ උපත ලබා ජර්මනියේ ජීවත් වන 25 හැවිරිදි තරුණයෙකු බව වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button