බාල බෙහෙත් සිද්ධියට වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ ඇතුළු 4ක් රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ ඇතුළු සිව්දෙනකු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියම කර තිබෙනවා.
වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලය ඉබි යතුරු දමා වසා ආරක්‍ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරිය මෙම අපරාධයට අදාළ ලිපි ලේඛණ සොයා ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට වැඩිදුරටත් නියම කළා.
මෙම සැකකරුවන් පරපීඩක ආශාවන් නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අතර අධිකරණයට නොපෙනෙන්නේ යැයිද සැකකරුවන් හුදු නොසැළකිලිමත් කමට වඩා අපරාධමය චේතනාවකින් යුතුව කටයුතු කර ඇති බවත් පෙනෙන්නට ඇතිවීම හේතුවෙන් ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කරමින් සඳහන් කරනවා.
වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාට අමතරව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්” ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර නමැති මහත්ම මහත්මීන්ය.
මෙම අපරාධය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමුත්තා මේ වන විටත් රිමාන්ඩ් බාරයේ පසුවනවා.