නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු අද (08) පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා.
ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 29 දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ඇතුළත්.
ජනාධිපති කාර්යාලයේ දී වූ මෙම දිවුරුම්දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ලසන්ත අලගියවන්න ප්‍රවාහනය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
එමෙන්ම ආයෝජන හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගමත්, තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කනක හේරත් දිවුරුම් දුන් අතර ජානක වක්කුඹර පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
ෂෙහාන් සේමසිංහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, මොහාන් ප්‍රියදර්ශන සිල්වා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ තේනුක විදානගමගේ ආර්ථික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක, අරුන්දික ප්‍රනාන්දු, විජිත බේරුගොඩ, ලොහාන් රත්වත්තේ, තාලක බාලසූරිය, ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත, සිරිපාල ගම්ලත්, ශාන්ත බණ්ඩාර, අනුරාධ ජයරත්න ද රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
මීට අමතරව, එස්. වියාලේන්ද්‍රන්, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක, ඩී.බී හේරත්, ශෂීන්ද්‍ර රාජපක්ෂ, සීතා අරඹේපොල, කාදර් මස්තාන්, අශෝක ප්‍රියන්ත සහ අරවින්ද කුමාර් යන මන්ත්‍රීවරුන් ද ජනාධිපතිවරයා ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා.
එමෙන්ම, ගීතා කුමාරසිංහ, සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, ආචාර්ය සුරේන් රාගවන්, ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක සහ අනූප පස්කුවල් ද අද දිනයේ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබුවා.