ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු 2500ක් බඳවා ගැනේ
නව ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් සේවයට බඳවා ගැනීමට සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, අ.පො.ස සාමාන්‍ය පෙළ විෂයයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් 6500කගේ අවශ්‍යතාවක් පවතින බවත්, දැනට ගුරුවරුන් 4,441 දෙනෙකු ඒ සඳහා අනුමතව ඇති බවයි.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ රැස්වීමේදීයි.
මේ අතර දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම් කරන පාසල් සංඛ්‍යාව 765ක ප්‍රමාණය මේ වසර තුළ දී 1000 දක්වා වර්ධනය කිරීමට, ඒවායෙහි ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය ගුරුවරුන් ගණන 6500 දක්වා වැඩි කිරීමටත් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තාවනවා.
ඒ අනුව නව ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් සේවයට බඳවා ගැනීමට ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.