දේශීය

මේ වසරේ පාරිභෝගික අධිකාරියෙන් කෝටි 22ක වැටලීම්

මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 22ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරනවා.

භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සැඟවීම, කල් ඉකුත්වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් එම දඩ මුදල් අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී පසුගිය ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදු කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ, එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 22,000ක් පමණ සිදු කර ඇති අතර, ඉන් 19,000කට නඩු පවරා ඇති බවයි.

ඊයේ (15) දිනයේ පමණක් පොළොන්නරුව සහ නුවරඑළිය ප්‍රදේශවල සිදු කළ වැටලීම් කිහිපයකින් රුපියල් ලක්ෂ 04ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇති බව සඳහන්.

ඉදිරියේදීත් දිවයින පුරා අඛණ් ව වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button