විදෙස්

රෝහලක ගින්නකින් පුද්ගලයින් 21 මරුට

චීනයේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ බීජිං අගනුවර රෝහලක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් තවත් පුද්ගලයින් 70 ක් පමණ තුවාල ලබා තිබෙනවා.

චීනයේ රෝහල්වල ගිනි ගැනීමේ සිදුවීම් වාර්තාවීම අතීශය දුර්ලභ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙම ගිනි ගැනීම පිළිබඳව පුළුල් විමර්ශනයක් චීන බලධාරීන් විසින් ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button