දේශීය

කහ උණ සඳහා ලබාදෙන එන්නත් 2000ක් ඉදිරි සතියේ මෙරටට

කහ උණ සඳහා ලබාදෙන එන්නත් 2000 ක් ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. වීජේසූරිය මහතා පවසනවා.

කහ උණ සඳහා ලබාදෙන එන්නත් හයදහසක් පමණ මෙරටට අවශ්‍ය වී තිබෙන අතර යුනිසෙෆ් සංවිධානය හරහා ඒවා ලබාදෙන බව ඔහු පවසනවා.

අප්‍රිකානු රටවලට වෙනත් රටවලින් යන පුරවැසියන් සියලුදෙනා මෙම එන්නත ලබා ගැනීම අනිවාර්ය අතර එම රටවලට යෑමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් පන්දහසකට ආසන්න පිරිසක් මෙම එන්නත ලබාගැනීමට පෝලිමේ සිටින බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත්, පසුගියදා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සාකච්ඡාවට පත් කෙරුණා.

එවන් පසුබිමක මෙලෙස කඩිනමින් කහ උණ එන්නත් මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button