දේශීය

බන්ධනාගාර නිලධාරීන්ට 15,000 ක දීමනාවක්?

බන්ධනාගාර නිලධාරීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 15,000 ක දීමනාවක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීමට අද දිනම අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණය, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහ​තා උපදෙස් ලබා දී තිබෙනවා.

එහි​දී අමාත්‍යවරයා සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනා පිළිබඳව සමාලෝචනයක් සිදු කර තිබෙන බවයි.

විජයදාස රාජපක්ෂ මහතා මේ බව කියා සිටි​යේ අධිකරණ අමාත්‍යාංශයේ අද (20) පැවති සාකඡාවකදීයි.

අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ, පොලිස් නිලධාරීන්ට සමගාමීව දීමනා වැඩි කිරීමට එකඟතාවය පළ කළ අතර එතෙක් රුපියල් 15,000 දීමනාව ලබා දීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව ඉදිරි සතියේදී ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

කෙසේවෙත​ත් බන්ධනාගාර නිලධාරීන් අද රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button